සැරදේ සැරදේ විදු මවුණී
අනුරපුරේ රජරට මහිමේ
ජනාධිපති අප විදු මෑණී
සිරිලක් අඹරේ වැජඹේවා//
ජය බෝ සමිදුන් රන් වැලි සෑයෙන්
හමනා මද මුදු පවන් රොදින්
වැව් බැදි රජරට ගොවි බිම් මැද්දෙන්
සදා වාසනා ජනාධිපති මව්
ගැමුණු විජයභා පැරකුම්භා වැනි
හෙළ රජ පරපුර පහස ලැබූ
පින්බර රජරට වීර උදානය
ඔබයි අපේ ලොව විදු මවුණී
ගුණ නැණ නිසි සිප් අමා පොවා
දූ දරු කැළ සුරැකුම් සපුරා
මේ ලක් දෙරණේ මිණි පහනක් වී
ජනාධිපති මව් වැජඹේවා
කප් සුවහස් කල් වැජඹේවා
ජනාධිපති මව් වැජඹේවා .....