ජනාධිපති විද්‍යාලය

පාසලේ ඉතිහාසය

2024 ( 2025 ) O/L විභාගය පැවැත්වෙන දිනය-17/March/2025

banner1.png
sportmeet2.jpeg
banner.jpeg
banner2.jpeg
baner1.jpeg
ecfa094c-6165-468f-8e70-1fd36772fb16.jpeg

රජරට පුරවරයේ වැව් බැදි රාජ්‍යයේ සොදුරු පරිසරයක පිහිටි අප පාසල අද වන විට විශිෂ්ට දරුවන් සමාජයට දායාද කරන්නාවූ නගරබද කීර්තිමත් විදු මාතාවකි.

මුලදී දීපානි විදුහල නමින් හදුන්වන ලද අප පාසල පසු කලක අනුරාධපුර ජනාධිපති විද්‍යාලය ලෙස පරිවර්තනය කිරීමට එතෙක් සිටි විදුහල්පතිවරු, නියෝජ්‍ය විදුහල්පතිවරු මෙන්ම ගුරුභවතුන් ද බොහෝ උත්සහ දරා ඇත.

වර්ෂ 1952 දී අ/වන්නියම්කුලම ශ්‍රී අනුර ග්‍රාම සංවර්ධන සමිති ශාලාවේදී ළමුන් 08 දෙනෙකු සමගින් අතිපූජ්‍ය ශ්‍රී ධර්මාලංකාර නායක ස්වාමීන් වහන්සේගෙ මූලිකත්වයෙන් අනුරාධපුර දීපානි මහා විද්‍යාලය ආරම්භ කර ඇත.

අනුරාධපුර දීපානි විද්‍යාලය 1954 සැප්තැම්බර් මස 02න දින රජයට පවරා ගන්නා ලදී. එදිනද ශිෂ්‍ය සංඛාව 08ක් වූ අතර එවිට විදුහල්පති ලෙස පී. ඒ. ගුණතිලක මහතා සේවයේ යෙදී සිටියේය. ගුරුවරුන් 02නෙකු සේවයේ යෙදී සිට ඇත.

දීපානි විද්‍යාලයේ ප්‍රථම පාසල් ගීතය අතිපූජ්‍ය ආනන්ද මෛත්‍රීය හිමි විසින් නිර්මාණය කරන ලදී.

1986.01.05 දින මහා විද්‍යාලයක් බවට පත් වූ දීපානි විද්‍යාලය 2018 අගෝස්තු මස 08වන දින එවකට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති විද්‍යාලය නමින් විවෘත කරන ලදී. එවකට විදුහල්පති වූ එම්.වී.ජී. සරත් මහතා, නියෝජ්‍ය විදුහල්පතිවරු හා ගුරුභවතුන් මෙන්ම අන්ද්‍යන කාර්‍ය මණ්ඩලය ද ඒ සදහා ඇප කැප වී වැඩ කළහ.

විද්‍යාලයේ අධ්‍යාපනික කටයුතු ද්විතීයික අංශය වශයෙන් ක්‍රියාත්මක වන අතර විද්‍යා ගණිත අංශය, ඉංග්‍රීසි අංශය, ක්‍රීඩා අංශය, සෞන්දර්යය අංශය, ප්‍රමුඛස්ථානයක් අත් කර ගනී. ඒ හැර මාධ්‍ය ඒකකය පරිගණක ඒකකය ශ්‍රව්‍ය දෘෂ්‍ය ඒකකය, පුස්තකාලය, විශේෂ අධ්‍යාපන ඒකකය, ප්‍රථමාධාර ඒකකය ද සක්‍රීය අයුරින් පවත්වාගෙන යයි.

 

2015 වර්ෂයේ සිට ද්වි භාෂා පන්ති ආරම්භ කරමින් ගණිතය, විද්‍යාව, පුරවැසි අධ්‍යාපනය, භූගෝලය, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණවේදය 6,7,8,9,10,11 ශ්‍රේණි සදහා පවත්වාගෙන යාමට හැකි වීම විද්‍යාලය ලද විශිෂ්ඨ ජයග්‍රහණයකි. විෂය බාහිර කටයුතු ලෙස ක්‍රීඩා, සමිති සමාගම්, චාරිකා, අධ්‍යාපනික ප්‍රදර්ශන, විවිධ ආගමික වැඩ සටහන්,සාහිත්‍ය උත්සව, නායකත්ව පුහුණු වැඩ සටහන්, රථ නියාමක කණ්ඩායම්, විවාද කණ්ඩායම, මාධ්‍ය ඒකකය, ප්‍රථමාධාර ඒකකය , ශිෂ්‍ය භට, බාලදක්ෂ, පරිසර නියමු වැඩ සටහන්, විවිධ සුභ සාධන කටයුතු, විවිධ ප්‍රසංග, සිංහල අලුත් අවුරුදු උත්සව ආදිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරයි.

 

මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 85ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 7කින් සමන්විතය. එක්දහස් එකසීයක් පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. " නව ලොව දිනවන උදාර නිර්මාපකයෙක්’’ යන දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි. වර්ෂ 2023 වන විට කලාපයේ පාසල් අතර ගුණාත්මක සංවර්ධනයේ ප්‍රමුඛස්ථානයට ලගා වීම අප පාසලෙහි අපේක්ෂාව වන්නේය.

ආරම්භ කළ වර්ෂය

1952

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

02

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

08

මුල් ගුරුතුමාගේ නම

පී. ඒ. ගුණතිලක මයා

පාසලේ ආදි කතෘගේ නම

අතිපූජ්‍ය ශ්‍රී ධර්මාලංකාර නායක ස්වාමීන් වහන්සේ

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

අනුරාධපුර ජනාධිපති විද්‍යාලය

මහා විද්‍යාලයක් බවට පත් වූ දිනය

1986.01.05

පාසල රජයට පවරාගත් දිනය

 

1954 සැප්තැම්බර් 02
 

පාසල පැවැත්වූ ස්ථානය

අ/වන්නියම්කුලම ශ්‍රී අනුර ග්‍රාම සංවර්ධන සමිති ශාලාවේදී 

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

-

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

-

ජනාධිපති විද්‍යාලය ලෙස නම් කළ දිනය

2018 අගෝස්තු 08