අ/ජනාධිපති විද්‍යාලයේ ආදරණීය සිසු දරුවන් වන ඔබ.........
- පාසල් අනන්‍යතාවය පිලිභිඹු වන සේ නියමිත ප්‍රමිතියෙන් යුතු,පාසල් නිල ඇදුමින් පැමිණිය යුතුය.
- පෙ.ව.7.15ට පෙර පැමිණිය යුතු අතර පංති කාමරය හා පාසල් පරිසරය පිරිසිදු කිරීමේ කටයුතු පෙ.ව.7.25 පෙර නිම කිරීමට වග බලා ගත යුතුය.
- විෂය ඉගෙනුම් කටයුතු වලට හා විෂය සමගාමී කටයුතු වලට අනිවාර්යයෙන් ම සහභාගී විය යුතුය.
- ගුරු භවතෙකුගේ අවසරයකින් තොරව පංති කාමරයෙන් බැහැරවීම හා පාසල් භූමිය තුල නිකරුණේ ඇවිදීමෙන් වැළකිය යුතුය.
- විදුහල්පතිවරුන්,ගුරුවරුන්,ශිෂ්‍ය නායක නායිකාවන් හා පංති නායක නායිකාවන්ගේ උපදෙස් හා මඟපෙන්වීම මත කටයුතු කිරීමට තරයේ ම සිතට ගත යුතුය.
- පාසලේ ඉගෙනුම ලබන කාලය තුළ අධ්‍යාපන කටයුතු කිරීමට තරයේ ම සිතට ගත යුතුය.
- පාසලේ ඉගෙනුම ලබන කාලය තුළ අධ්‍යාපන කටයුතු වලට බාධා වන විවිධ උපකරණ පාසලට රැගෙන ඒමෙන් සහ පරිහරණය කිරීමෙන් වැළකිය යුතුය.
- වාර්ෂිකව අය කරන පහසුකම් හා සේවා ගාස්තු සහ පාසල් සංවර්ධන සමිතියේ සාමාජික ගාස්තු සෑම වසරක ම පෙබරවාරි මස නිමවීමට පෙර ගෙවීමට කටයුතු කළ යුතුය.
- රජයෙන් නොමිලයේ ලබාදෙන පෙළ පොත් වලට පිට කවර දමා ආරක්ෂා කරමින් ඉගෙනුම් ක්‍රියාවලියට යොදා ගැනීමට වග බලා ගත යුතුය.
- පාසල් නීති රීති වලට අවනත වෙමින් සහ පාසල් සංස්කෘතියට ගැලෙපෙන අයුරින් කටයුතු කිරීමට වග බලාගත යුතුය.
- පාසල් අධ්‍යයන කාලය නිමවීමෙන් පසු පාසල් හැර යාමේ සහතිකය ( ශිෂ්‍ය කාර්ය දර්ශනය ) ලබාගන්නා තෙක් මෙම ශිෂ්‍ය ප්‍රගති වාර්තාව සුරක්ෂිතව තබාගැනීමට කටයුතු කළ යුතුය පාසල් අධ්‍යයන කාලය නිමවීමෙන් පසු පාසල් හැර යාමේ සහතිකය ලබාගන්නා තෙක් මෙම ශිෂ්‍ය ප්‍රගති වාර්තාව සුරක්ෂිතව තබාගැනීමට කටයුතු කළ යුතුය.
අප විද්‍යාලයේ සංවර්ධනයට දායක වන දයාබර දෙමව්පියණි ඔබට..........
- ඔබේ ආදරණීය දරුවාට ඔබ විසින් දිය යුතු වටිනාකම දායාදය අධ්‍යාපනය බැවින් එය ලබා දීමට දිනපතා දරුවා පාසලට එවීමට කටයුතු කිරීම ඔබගේ වගකීමයි.
- පාසලේ දී ලබන අධ්‍යාපන කටයුතු වඩාත් සංවර්ධනය කරගැනීම සදහා ඔබගේ අවධානය නිරතුරුව ම යොමු කරමින් අවශ්‍ය සහයෝගය ලබා දීමට කටයුතු කිරීමට වග බලාගත යුතුය.
- දරුවාගේ අධ්‍යාපන ප්‍රගතිය මෙන්ම පාසලේ දියුණුවට අදාල ව පැවැත්වෙන පාසල් සංවර්ධන සමිති රැස්වීම හා පංති රැස්වීම් ආදිය සදහා නිරතුරුවම ඔබේ අවධානය හා සහභාගීත්වය ලබා දිය යුතුය.
- දරුවා පිලිබදව පංති භාර/විෂය භාර ගුරුභවතුන් හමු වී සාකච්චා කරමින් දරුවාගේ අධ්‍යාපන සංවර්ධනය සදහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග වලට අනිවාර්යෙන් ම පෙළබිය යුතුය.
- නොවැලැක්විය හැකි හේතුවක් නිසා දරුවා පාසල් එවීමට නොහැකි වුවහොත් ඒ බව වහාම පංතිභාර ගුරුභවතා දැනුවත් කිරීමට කටයුතු කළ යුතුය.
- නියමිත ප්‍රමිතියෙන් යුතු පාසල් නිල ඇදුමෙන් යුතුව දරුවා පාසලට පැමිනෙන්නේ ද යන්න පිලිබදව ඔබ තරයේ ම අවධානය යොමු කළ යුතුය.
- දරුවන්ගේ අධ්‍යාපන සංවර්ධනයට විශාල මුදලක් වැය කිරීමට පාසලට සිදුවන බැවින් රජය විසින් නියම කරන ලද වාර්ෂිකව ගෙවිය යුතු සංවර්ධන සමිති ගාස්තු හා පහසුකම් ගාස්තු හා පහසුකම් හා සේවා ගාස්තු සෑම වසරකම පෙබරවාරි මස අවසාන වීමට පෙර ගෙවීමට කාරුණික වන්න.